Fatty liver (අක්මාවේ තෙල්) සිරොසිස්

 Fatty liver (අක්මාවේ තෙල්) සිරොසිස්






* ජීවිතයේ පැවැත්මට බොහෝ දේ අත්‍යවශ්‍යයි.  මේ පැවැත්ම සඳහා අපගේ ශරිරයේ බෝහෝ ක්‍රියාකරකම් සිදු කිරිමට අභ්‍යන්තර අවයව සිදු කරනුයේ මහගු මෙහෙයකි. අක්මාවද එසේ බොහෝ කාර්යන් සිදු කරන ශරිරයේ පවතින විශාලතම අවයවයකි. මේ අනුව සිරුරේ පැවැත්ම සඳහා අක්මාවෙන් සිදුවන කාර්යන් බොහෝ ඇත.
මින් සිදුවන ප්‍රධාන කාර්යන් වන්නේ ව්ස හරණය වීමයි. අප ගන්නා සියලුම ආහාරවල බොහෝ විස කොටස් ඉවත් කිරිමට උදව් කරනවා සේම එම විස කොටස් තැන්පත් කර තැබීමටද උදව් වේ.විස තැන්පත් විමේ හැකියාව වැඩිවීම නිසා අක්මාව ඉක්මනටම ලෙඩ වීමට ද පුළුවන්.

රුධිරය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රෝටින කොටස් නිෂ්පාදනයට දායකත්වයක් ලබාදිමද අක්මාව සිදුකරන තවත් කාර්යයකි. ශරිරයට අවශ්‍යය ගුණදායක කොලෙස්ට්‍රරෝල් නිෂ්පාදනයට සිදු කරයි. මේ අනුව සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයන් සඳහා අත්‍යවශ්‍යම අවයවයන්ගෙන් එකක් නිසා අක්මාව නැතිව ජිවත් විය නොහැකිය.

ඇතිවන රෝග

අක්මාව අත්‍යවශ්‍ය අවයවයක් වන බැවින් එය ආරක්ෂා කර ගත යුතුයි. ආරාක්ෂා නොවීම නිසා ඇති වන රෝග බොහෝ තිබේ. මේ සඳහා ව්ශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා ආහාරයි. අක්මා රෝග දුරු කිරීමට ජීවන පැවැත්ම නිසි ලෙස ගෙනයාමට වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සකසා ගත යුත්තේ ඒ නිසයි. රෝගීවූවන් හා නිරෝගී පුද්ගලයන් නිසි වයසේදී මේ සඳහා මේ සඳහා වෛද්‍ය උපෙදස් මත තම ආහාර හා විහරණ රටා පවත්වා ගත යුතුයි. අක්මාවේ ඇතිවිය හැකි රෝග අතර සිරෝසිස් :අක්මාවේ මේදය තැන්පත් වීම, සෙංගමාල රෝග තත්ත්වය සහ ආසාදිත රෝග තත්ත්වයන් :උදා හෙපටයිටිස් රෝගය පෙන්වා දිය හැකියි. ඊට අමතරව අක්මාවේ එන්සයිම ක්‍රියාකාරිත්වය ඉහළ යාමද සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එවිට අක්මාව ලෙඩ වීම නවතාලිය නොහැකිය.

බලපාන හේතු

මේ සියළු දේටම විශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා තෙල් අධික ආහාර හා මත්පැන් පානයයි.එසේම පිටි බහුල ආහාර ගැනීමද මෙයට බලපාන තවත් විශේෂ වූ හේතුවකි.

ඇතිවන රෝග සඳහා ගත යුතු ඹෟෂධීය ආහාර

මෙමමේ සඳහා විශේෂ කැඳ වර්ග පානය කිරීම යෝග්‍ය වේ. ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට සමහර අවස්ථාවලදී නිසි ලෙස තමා විසින්ම පාලනය වුව හොත් රෝගය මුලිනුපුටා දැමීමටද  ඖෂධීය කැඳ වර්ග ඉවහල් වේ.

* යකි නාරං කොළ කැඳ

*හීන්බෝවිටියා කොළ කැඳ :  මෙයට හීනැටි හාල් සමඟ පොල් කිරි දෙවැනි හෝ තුන්වැනි කිරි දමා සාදා ගන්නගමෙය වඩාත් ගුණ දායක වේග මෙහිදී කොලෙස්ටරෝල් තැන්පත් වීම ඉවත් කරයි. අක්මා සෛල යථා තත්ත්වයට පත් කෙරෙයි.

*කොක්මොට කැඳ – මෙහිදී අක්මාවේ එන්සයිම යථා තත්ත්වයට පත් කිරීමට ඉවහල් වේ. සෙංගමාල රෝගීන්ටද ගුණ දේ.

*පිටවක්කා කැඳ හෝ පිටවක්කා සම්පූර්ණ ශාකයම තම්බලා බීමට පුළුවන

*බක් මී පොතු කැඳ

*මොණර කුඩුම්බිය කැඳ හෝ ව්‍යංජනය – විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මාන්දම් රෝගයේ දී ඉදිමෙන අක්මාව හා තැලසීමියාව නිසා අක්මා ඉදිමෙන තත්ත්වයට සුදුසුයි.

*මැල්ලකොල ආහාරයට ගැනීම – විස හරණය කිරීමේ හැකියාව වැඩියි. කොලෙස්ටරෝල් අඩු කරයි.

*කැබැල්ල දළු මාළුව – කොලෙස්ටරෝල් අඩු කරයි. අක්මාවේ තෙල් අඩු කරයි



                      වළක්වා ගැනීමට කළ යුතු දේ

+  උෂ්ණාධික ආහාරවලින් තොරවීම ගුණ දායක වේ.
උදා – ඉස්සෝල දැලලෝල බල මාළු

+ අන්නාසිල චට්නි තක්කාලි සෝස් වර්ග

+ තෙල් අධික කෙටි කෑමවලින් වැළැකීම – පැටිස් රෝල්ස් බර්ගර් සොසේජස්

+ මඳ උණුසුම් ජලය පානය කිරීම

+ ව්‍යායාමවලට යොමු වීම

+ වැරැදි ජීවන රටාවෙන් තොර වීම

+ මත්පැන් පානයෙන් තොරවීම

+ දුම්පානයෙන් වැළැකීම

+ පැණි බීම වර්ග පානය නොකිරීම

+ චීස් බටර් අවම කිරීම

+ සියළු බේකරි කෑම අවම කිරීම.

@Copied.

@GuessZone

                                           Thankyou!

























Post a Comment

0 Comments