මේ කතාව අර්ජුන ගැන

මේ කතාව අර්ජුන ගැන | About This Arjuna






කවුද මේ අර්ජුන කියන්නෙ :-   අර්ජුන කියන්නෙ ශ්‍රීලංකාවෙ වර්තමාන හීලෑ අලි ඇතුන් අතර කැපීපෙනෙන,නාඹර වයසේ ඉන්න සද්දන්තයෙක්..

මේ සද්දන්තයාගෙ අයිතිය එහෙමත් නැතිනම් බාරකාරීත්වය තියෙන්නෙ මාතර දික්වැල්ල පුරවරයේ පිහිටි වැවුරුකන්නල රාජමහා විහාරයට..


මේ අලියාගෙ තියෙන විශේෂත්වයක් තමයි මෙයාගෙ නම දාපු හැටි.
☆ඔයාලාට මතකද 1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පලමු සංවත්සරය  අන්න ඒ දිනයේ අපිට වාසනාවන්ත කාරණාදෙකක් තියෙනවා.

( 1 ) තමයි එදා ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම සතු කර ගෙන අවුරුද්දක් පිරීම. එතකොට 
( 2 ) තමයි  අපි අද මේ කතාකරන අර්ජුන අලි පැටියා මේ සංවත්සර දිනයේදී  පින්නවලදී මෙලොව එලිය දැකීම.

එදා ඒ වාසනාවන්ත දිනයේ ඉපදුන මේ සද්දන්තයාගෙ නම වැටුනෙ කොහොමද? සමහර විට ඔබට වැටහෙනවා ඇති..  

× ඇත්තෙන්ම මෙයාට එදා ' අර්ජුන 'කියලා නම වැටුනේ ලෝක කුසලානය ලංකාවට ගේන්න ශ්‍රීලංකා කණ්ඩායම මෙහෙයවපු එවකට ශ්‍රීලංකා පීලේ නියමුවා ව සිටි 'අර්ජුන රණතුංග 'මහතාට උපහාරයක් විදියට තමයි. ×


 මේ හස්තියාගෙ වර්තමානය ගැන කතාකලහොත් දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන වල පෙරහර කටයුතු සදහා නිතරම සහබාගී වන අතරම සෙංකඩගලපුර වැඩසිටින උත්තම ශ්‍රී දලදාවහන්සේ වෙනුවෙන් පැවැත්වෙන ඇසල මහා පෙරහර මංගල්‍යයේදීද නාථ දේවාල පෙරහරටද සහබාගී වී තමන්ට යම් රාජකාරියක් පැවරී තිබේද ඒ කාර්යන් අකුරටම ඉටුකරමින් පෙරහරේ ගමන් කිරීම මේ හස්තියාගෙ ඇති කීකරුබාවය මැනවින් පිලිබිඹු කරන තවත් සාදකයක් වේ.


මුල් කාලයේදී තරමක් දගවැඩ කරත් වර්තමානයේ ඉතාමත් කීකරු හස්තියෙක් වේ..( පැටව් කාලේ ඉතින් කොහොමත් දගයිනෙ )🤷🏽‍♂

ශ්‍රීලාංකේය හස්තිරාජ වංශකතාවේ තවත් කරුණු සමගින් ආයෙමත් තවත් හස්තියෙක්ගෙ රසබර,හරබර මිහිරි මතකයන් සමගින් හමුවෙමු.ඔබ සැමට ස්තූතියි,ඒ වගේම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..
           
   ×    ස්තූතියි!

@GuessZone

@Gihan GZ



Follow Us -    Facebook : GuessZone 
    
                       Instagram : Guesszone.me


                                                             Thankyou!



Post a Comment

0 Comments