කවුද මේ ගජබා / Who's Gajaba ❓

     කවුද මේ ගජබා / Who's Gajaba ❓




* ගජබා කියලා කියන්නේ ගෘහස්ථව වාසය කරන හස්තියෙක්. 

✦  ගජබා ගැන ලංකාවේ කාගෙන් ඇහුවත් නොකියා ඉන්නෙකක් නං නෑ. 

* මෙයා මේ තරම්ම ප්‍රසිද්ධ මොකටද කියලා කියනවනම් ලංකාවේ දැනට දේවාල,විහාරස්ථාන,ගිහි භාරකාරීත්වයන් යටතේ සිටින අලි ඇතුන්ගෙන් ඇතුන් හැරුනුකොට අලින්ගෙන් විශාලම හස්තියා මෙන්ම උස අඩි 10 ආසන්න විශාල සද්දන්තයෙක් නිසාවෙනි.

✦ ගජබා කියන්නෙ කුඩාකාලෙ ඉදලම මිනිස්සු එක්ක හැදුනු කෙනෙක්නං නෙමේ,මෙයා ඉදලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනලැහැබක. මේ කැලෑ ජීවිතයේදී අසල පිහිටි ගම් වලට ගිහින් ගෙවල් කඩාදැමීම්,මිනිසුන්ට කිහිප අවස්ථාවන්හීදී කරදර සිදුකිරීම නිසා ඒ පලාතෙ මිනිස්සු ගජබාව ටිකක් විතර අකමැත්තෙන් ඉන්න ඇති.😨


_කොහොමින් හරි මේ ගජබාගේ වැඩ ගැන දැනගන්න වයඹ පලාත් සභාවේ ආණ්ඩුකාරවරයා ගජබාව අල්ලාගෙන වෙන්දේසි කරන්න කියලා නීත්‍යානුකූල බලපත්‍රයක් නිකුත්කරලා තියෙනවා.ඒ අනුව ගජබා ඇතුලුව ඒ ප්‍රදේශයේ ටිකක් දරුණුවට හැසිරුනු අලි13 පමන ඒ අවස්ථාවේදී අල්ලාගත්තා කියලා තමා දැනගන්න ලැබුනේ. ( වර්තමානයේ රත්නසිරි අරංගල්ල මහත්මා යටතේ අත්තනගල්ල පුරාණ විහාරයේ කාලය ගතකරන ගැමුනු කියන පතාක සද්දන්තයත් ඒ අලි 13 එක්කෙනෙක් තමයි 😊 ) 


✦ වෙන්දේසියෙන් පස්සෙ ගම්පහ දිස්තික්කෙට ආපු ගජබා ගැමුනුත් එක්ක අවුරුදු 20 ආසන්න කාලයක් අත්තනගල්ල,යටියන ප්‍රදේශ වල සිරි විදිමින් කාලය ගතකරාට පස්සෙ යක්කල ප්‍රදේශයට අලෙවි කරලා තියෙනවා.

*අත්තනගල්ලෙන් පස්සෙ යක්කල මොරැන්නවත්ත දේවාලයේ ප්‍රධාන කපුධුරන්දර රංජිත් විජේසිංහ මහත්මා යටතට පත්වෙන ගජබා වර්තමානය තෙක්ම රංජිත් මහත්මාගේ සමීපයේ හැදී වැඩෙයි. 

 

✦ ගජබාගේ මුල්ම හස්තිපාලක වරයා ලෙස හේරත්බන්ඩා මහතා අවුරුදු 20 අධික කාලයක් සිටි අතර වර්තමානයේදී ගජබාගේ පාලක තනතුර දරන්නෙ කොන්ඩදෙනිය හස්තිපාලක පරම්පරාවේ අලිබලන්නකු වන රත්නායක මහතා විසිනි.රත්නායක මහතා දැනට වසර 13 පමන සිට ගජබා සමග මිත්‍ර සෙනේහෙන් කාලය ගතකරනවා. 💓

☆මහනුවර ඇසල මහා පෙරහරේ නිත්‍ය සාමාජිකයකු වන ගජබා දැනට වසර 18 පමන සිට නොකඩවා පෙරහරට සහභාගී වන පින්වතෙක් . එමෙන්ම ගංගාරාමය,බෙල්ලන්විල , කෝට්ටේ , නවගමුව , කතරගම , වාරණ , ගම්පහ , යක්කල ආදී ප්‍රදේශවල වෙහෙර විහාරස්ථාන වල,දේවාල වලද පෙරහර වලටද නිතරම පාහේ සහභාගී වන්නටද ගජබාට වරම් ලැබිලා තියෙනවා. 

★ නුවර පාරේ ගමන් කරන විට  යක්කල,කලගෙඩිහේන ප්‍රදේශවලදී මේ ගජබාව ඔබටත් හමුවෙලා ඇති.මන්ද හැමදාම උදෑසන රත්නායක මාමත් එක්ක ගම වටේ කිලෝමීටර 4,5 ඇවිදින එක  ගජබා හුගක් ආස කරන දෙයක් නිසා. 


✦ වනයේදී දරුණුවට හැසිරුනු සතෙක් බුදු පහස ලග මෘදු මොලොක් වන බව පසක් කරන තවත් එක් ශාක්ෂියක් තමයි මේ , ගජබා 

- තවත් චිරාත් කාලයක් සම්බුදු සසුනඹර බබලවන්නට සහ සංස්කෘතික දායාදයක් වී ලක්දිව හස්ති තේජස මුලු ලොව පුරා හඩගා කියන්න හැකිවේවායි කියා අප සැවොම එක්සිත්ව ප්‍රාර්ථනා කරනවා ! 


✦  ගජබාව ආදරෙයෙන් රැකබලාගන්නා රංජිත් කපුමහතාටත්,රත්නායක මහතාටත් මුල් හිමිකරුගේ සිට ගජබාට රැකවරණය සෑදූ සියලුම දෙනාටත් සම්බුදු සරණ ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා. 

                                    

- ©GuessZone

@ GihanSandeep


Follow - Facebook : Guesszone Page

Follow - Instagram : guesszone.me Account

×Share This Letter With Your Kind Freinds.


         - Thankyou - 

           - ස්තූතියි -

| ඔබ සැමට දලදා සමිදු පිහිටයි |









Post a Comment

0 Comments