තෙල් කරවලා, හබරලයා, මග මරුවා Common Krait, Indian Krait


 තෙල් කරවලා, හබරලයා, මග මරුවා |  Common Krait, Indian Krait














* පිරිමැද්දාක් මෙන් දිලිසෙන සිලින්ඩරාකාර මධ්යම ප්රමාණයේ දේහය. පැහැදිලිව වෙන් වූ ගෙලක් රහිතය. වටකුරු හා කෙටි හොම්බක් සහිත හිස. කුඩා ප්රමාණයේ ඇස් පිහිටා ඇත. නාස් විවරය තරමක් විශාලය. උදරය වටකුරුය. ක්රමයෙන් උල්වන කෙටි වලිගයකි.

මධ්ය දේහයේ හරස් කොරල පේලි 15, ශරීර කොරල සුමුදුය, ඉතා දිලිසෙනසුලුය. කශේ කොරල පැහැදිලි ලෙස පර්ශුක කොරල වලට වඩා විශාලය, ෂඩාශ්රාකාරය. උදරීය කොරල 194-234. නොබෙදුනු ගුද කොරලය. පෞච්ඡ උදරීය කොරල 30-56 (නොබෙදුනු. ලලාට කොරලය පළල මෙන් දෙගුණයක් පමණ දිගුය· අන්තර් නාස් කොරල යුගලයකි. පූර්ව අක්ෂි ඵලක කොරල 1 (ඉතා සුළු වශයෙන් හිස මුදුන දක්වා විහිදේ. අපර අක්ෂි ඵලක කොරල 2. ලොරියල් කොරල නොමැත· ශංඛක කොරල 1–2. අධ්යධර කොරල 7 (පළමු කොරල තුන ප්රමාණයෙන් එක සමානය, 3 හා 4 වන කොරල ඇස හා ස්පර්ශ වේ. යටි අධරීය කොරල 4.

පෘෂ්ඨීයව දිප්තිමත් කළු පැහැති වන අතර සුදු පැහැති, සිහින් හරස් පටි යුගල 20-25ක් පමණ වලිගය කෙළවර තෙක් පිහිටය. ඇතැම් සතුන්ගේ කශේ කොරල පෙල දිගේ සුදු පැහැති පුල්ලි පෙලකි. වයස්ගත වැඩුනු සතුන්ගේ සුදු පටි දක්නට නොලැබේ. ඇස කළු පැහැතිය. පැටවුන්ගේ ඇසට ඉදිරිපසින් හා පිටුපසින් සුදු ඉරි දෙකකි. උදරීයව සුදු පැහැති වන අතර වෙනත් සලකුණු නොමැත.

* උපතේදී මි.මී. 200-250 (අඟල් 7-9), වැඩුණු සතුන් මි.මී. 800 - 1700 (අඟල් 31-66).
නිශාචරය. දිවා කාලයේදී ඉතා අලසව කොලරොඩු, ගල්ගොඩවල් ආදිය යට සැඟවී සිටින මොවුන් රාතරි කාලයේදී ඉතා ක්රියාශීලීය. ජලය ආශරිත ස්ථානවලට වැඩි කැමැත්තක් දක්වයි. නොකිපෙනසුලූ මෙම සර්පයින් කලබල වූ විට ශරීරය පැතලි කොට, දඟර ගැසී, හිස එම දඟරය තුළ සඟවා ගැනීමට තැත් කරයි. නමුත් පැටවුන් ඇතැම්විට තම වලිග කෙළවර ඉහළට ඔසවා සොලවනු දැකිය හැක. පිරිමි සතුන් වසම් (Territorial) රකින අතර ප්රජනන සමයේදී පිරිමි සතුන් එකිනෙකා හා වෙලී සටන් රංගනවල යෙදෙනු දැකිය හැක. වරකට බිත්තර 6-12ක් පමණ දමන අතර ගැහැණු සතා ඒවා ආරක්ෂා කරයි.

* මෙරට වෙසෙන උග්රතම විෂැති භෞමීය සර්පයෙකි. ප්රොටෙරොග්ලයිපස් (Proteroglyphous) වර්ගයේ විෂ දළ පිහිටයි. දෂ්ඨ කිරීමේදී, සැලකිය යුතු වේලාවක් ගොදුර සපාගෙන සිටී. බොහෝමයක් දෂ්ඨන රාතරී කාලයේදී බිම නිදාසිටි පුද්ගලයින්ගෙන් වාර්තා වේ. විෂ ප්රධාන වශයෙන් ස්නායු පද්ධතිය අඩපණ කිරීමට බලපායි. ස්ථානීය රෝග ලක්ෂණ සාමාන්ය වේදනාව, දෂ්ඨ ස්ථානය අවට ඉදිමීම, ශාරීරික රෝග ලක්ෂණ උදරයේ වේදනාව (Abdominal pain), ඇසේ කළු ඉංගිරියාව වැසී තිබීම, ඇසි පිය කඩා හැලීම (Ptosis), හුස්ම ගැනීමේ අපහසුව හා හුස්ම හිරවීම, මුඛය විවර කිරීමේ, කතා කිරීමේ සහ දිව පිටතට දැමීමේ අපහසුව, සිහිනැතිවීම සහ කම්පනය, නිසි ප්රතිකාර ලබානොදුනහොත් රෝගියා මරණයට පත්විය හැක.

* පහතරට වියළි කලාපයේ ප්රදේශ රැසකින්ද, අතරමැදි කලාපයේ ප්රදේශ කිහිපයකින්ද හමුවී ඇත. පානම, පොතුවිල්, යාල, බුන්දල, අනුරාධපුර, මැදවච්චිය, ගල්නෑව, මහඉලූප්පලලම, පොළොන්නරුව, හබරණ, මීගමුව, සේරුකැලේ, පුත්තලම, කුරුණෑගල, වේයන්ගොඩ, හලාවත, වාලච්චේන, කෝකිලායි, කතරගම, ඌව පතන, මින්නේරිය, නාච්චාදුව , තබ්බෝව, නකල්ස් වියළි කලාපය.

: ප්රධාන වශයෙන් වෙනත් කුඩා සර්පයින්. ඊට අමතරව මීයන්, හූනන්, ගෙම්බන් සහ සිකනලූන්. තමාට වඩා දිගින් වැඩි සතුන් වුවද ගිලදැමිය හැක. ස්වජාතිභක්ෂණයද පෙන්වයි.

@Gihan Sandeep

@GuessZone


Follow Us : Facebook - Guesszone

Instagram - Guesszonemedia ✔



Post a Comment

0 Comments