රතු දත්තපොතට ගිය ශ්‍රී ලංකාවේ ක්ෂීරපායීන්

           රතු දත්තපොතට ගිය ශ්‍රී ලංකාවේ ක්ෂීරපායීන්


    වර්ග කිලෝ මීටර් 65,610ක් පමණ  වර්ග ප්‍රමාණයක් ඇති ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ලෝකයේ අන් රටවල් සමග සැසඳීමේදී ඉතා ඉහළ අගයක් ගන්නා බැව් පෙනීයයි. මෙම ජෛව විවිධත්වයට ශාක විශේෂ (මල් පූදින හා මල්  නුපූදින ශාක) (Flowering & Non flowering Plants),පක්ෂීන් (Birds),උභයජීවීන් (Amphibians), කෘමි විශේෂ (Insect) උරගයින්  (Reptiles) සහ ක්ෂීරපායින් (Mammals)  අයත් වෙයි. ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) සමීක්ෂණ වලට අනුව ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන් ඉහළ අගයක් ගන්නා රටවල්(Bio diversity hot spots) අතර 24 වැනි ස්ථානය ගනී. මෙයින් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් වැදගත් ස්ථානයක සිටිනවාට වඩා ශ්‍රී ලංකාව සතු ජෛව විවිධත්වය කිසියම් තර්ජනයකට ලක්වීඇති බවකි.එබැවින් ලෝක සංරක්ෂණ සංගමය විසින් කරන ලද සමීක්ෂණ වලට අනුව ශ්‍රී ලංකාවේ සත්ව විශේෂ ගනනාවක් මේවනවිට  වඳවීයාමේ තර්ජනයට ලක්වීඇතිබැව් පෙනීයයි.   වඳවීයාමට ලක්වීඇති මෙම සත්ව විශේෂ පිළිබඳව සකස් කළ  වාර්තාව රතු දත්ත වාර්තාව (Red data list) යනුවෙන් හැඳින් වෙයි. 


රතු දත්තපොතට ගිය ශ්‍රී ලංකාවේ ක්ෂීරපායීන්

වර්ග කිලෝ මීටර් 65,610ක් පමණ  වර්ග ප්‍රමාණයක් ඇති ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ලෝකයේ අන් රටවල් සමග සැසඳීමේදී ඉතා ඉහළ අගයක් ගන්නා බැව් පෙනීයයි. මෙම ජෛව විවිධත්වයට ශාක විශේෂ (මල් පූදින හා මල්  නුපූදින ශාක) (Flowering & Non flowering Plants),පක්ෂීන් (Birds),උභයජීවීන් (Amphibians), කෘමි විශේෂ (Insect) උරගයින්  (Reptiles) සහ ක්ෂීරපායින් (Mammals)  අයත් වෙයි. ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) සමීක්ෂණ වලට අනුව ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන් ඉහළ අගයක් ගන්නා රටවල්(Bio diversity hot spots) අතර 24 වැනි ස්ථානය ගනී. මෙයින් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් වැදගත් ස්ථානයක සිටිනවාට වඩා ශ්‍රී ලංකාව සතු ජෛව විවිධත්වය කිසියම් තර්ජනයකට ලක්වීඇති බවකි.එබැවින් ලෝක සංරක්ෂණ සංගමය විසින් කරන ලද සමීක්ෂණ වලට අනුව ශ්‍රී ලංකාවේ සත්ව විශේෂ ගනනාවක් මේවනවිට  වඳවීයාමේ තර්ජනයට ලක්වීඇතිබැව් පෙනීයයි.   වඳවීයාමට ලක්වීඇති මෙම සත්ව විශේෂ පිළිබඳව සකස් කළ  වාර්තාව රතු දත්ත වාර්තාව (Red data list) යනුවෙන් හැඳින් වෙයි. මෙම ලිපියෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ක්ෂීරපායි විශේෂ අතරින් රතු දත්ත වාර්තාවට ඇතුලත්  ක්ෂීරපායි විශේෂ කීපයක්  පිළිබඳව  පැහැදිළි කෙරෙයි.


                                    උන හපුළුවා





 Red Slender Loris යන ඉංග්‍රීසි නමින් සහ Loris tradigradus යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශ්‍රී ලංකාවේ  වැසි වනාන්තර වලත් හා වන ගහනයෙන් යුත් ගෙවතු සහ ඉඩම් වලත් ජීවත් වන උන හපුළුවා නිශාචර ප්‍රයිමේටා ගනයට අයත් ක්ෂීරපායි සත්ත්වයෙකි. වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වී ඇති මෙම සත්ත්ව  කාණ්ඩයේ විශේෂ දෙකක් ශ්‍රී ලංකාවේ වාසය කරයි. මෙම විශේෂ දෙක යනුවෙන් හැඳින්වෙයි. මෙයින් හෝටන්තැන්නේ වෙසෙන උනහපුළු විශේෂය Loris tradigradus nycticeboides යන විද්‍යාත්මක නමින් හඳුන්වන අතර වියළි කලාපීය වනාන්තරවල වෙසෙන උන හපුළුවන් Loris tradigradus tradigradus  යන විද්‍යාත්මක නමින් හඳුන්වයි. මානව වර්ගයේ කුඩාම සාමාජිකයා ලෙස  පිළිගැනෙන උනහපුළුවා හඳුනා ගැනීමට පහසුවන ශරීර ලක්ෂණ කීපයකින් යුක්තය. විශේෂයෙන් ප්‍රමාණයෙන් විශාලවූ ඇස්  සහ  හදවතක හැගය ගත් මුහුණ  සහ ප්‍රමාණයෙන් කුඩා ශරීරය  විශේෂ ලක්ෂණ වෙයි. වැඩුණු උනහපුළුවෙක් දිගින්  මි.මි.180 ත් 250 ත් හෙවත් අඟල් 7 ත් 10 ත් අතර ප්‍රමාණයක් වෙයි. උපරීම බර ග්‍රෑම් 85 ත් 325 ත් අතර වෙයි.

                              රන් හෝතඹුවා 





Golden Plam Cevet යන ඉංග්‍රීසි නමින් සහ Paradoxurus zeylonensis  යන විද්‍යාත්මක නමින් හඳුන්වන රන් හෝතඹුවා ශ්‍රී ලංකාව ආවේනික වඳවී යාමේ තර්ජනයට(Endengerd) (EN) ලක්වී ඇති  ක්ෂීරපායී  සත්ත්ව විශේෂයකි. සිරුරේ ඉහළ කොටස දුඹුරු පැහැයක් ගන්නා අතර මලකඩ දුඹුරු පැහැ‍ය දක්වා වෙනස් වන වර්ණ රටාවක්ද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මොවුන්ගේ වර්ණ රටා තුනක් වර්ථා වෙයි  ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර වලත්   සදාහරිත  කඳුකර වනාන්තර වලත් හා ශාක ගහනය බහුලව තිබෙන ගෙවතු සහ ඉඩම් වලද වාසය කරයි. නිශාචර  සර්ව භක්ෂක  සහ තනිව හැසිරෙන සත්ත්ව විශේෂයකි.


ශ්‍රී ලංකා වැසියන් මෙම සත්ත්ව විශේෂය “පැනි උගුඩුවා”, “සපුමල් කලවැද්දා”, “රන් හෝතඹුවා”, සහ “හෝතඹුවා” යන නම් වලින් හඳුන්වයි.. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ වැසියන් “මරනායි” යනුවෙන් හැඳින්වෙයි. පොදුවේ ගත්කළ මෙම සත්ත්වවිශේෂය  කලවැද්දා යනුවෙන් හඳුන්වයි.


                                  දඬුලේනා




Grizzled giant squiral යන ඉංග්‍රීසි නමින් සහ Ratufa macroura යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශ්‍රී ලංකාවට ආවේනික මෙම සත්වයා  ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර වලත් හා මධ්‍ය කඳුකරයේ වනාන්තරවලත්   ජීවත් වෙයි. විශේෂයෙන් මධ්‍යම හා ඌව, පළාත්  බද වනාන්තරවල දක්නට ලැබේ.වඳවීයාමේ තර්ජනයට (Endengerd) (EN) ලක්වූ දඬු ලේනා ගේ සිරුර දැඩි  ඝන ලොම්වලින්  වැසි ඇත.  හොඳින් වැඩුණු දඬුලේනෙක්  සෙ.මී 25 ත් 45 ත් හෙවත් අඟල් 9.8 ත් 17.5 ත් අතර දිගකින් යුක්තවෙයි. එහෙත් වල්ගය පමණක් දිගින් සෙ.මී  50 ත් 90 ත් හෙවත් අඟල් 20 ත් 35 ත් අතර වෙයි.


සර්ව භක්ෂකයින් වන මොවුන්ගේ ආහාරයට පළතුරු, ධාන්‍ය වර්ග, කුඩා කෘමීන්, කුරුළු බිත්තර සහ ශාක පොතු වැනිදේ අයත්වෙයි. ශ්‍රී ලංකාවේ අනුරාධපුර, රිටිගල, මිහින්තලේ ,කන්ඩලම මාතලේ, වස්ගමුව හෝටන්තැන්න, යනාදි වියළි සහ කඳුකර ප්‍රදේශ වල වාසය කරයි. ශ්‍රී ලංකාවට අවේනික උප විශේෂය හැරුණු කොට දඬුලේනුන්ගේ තවත් විශේෂයක් දකුණු ඉන්දියාවෙ තිරුවල්ලා ප්‍රදේශයේත් හා නැගෙනහිර ගාත් ප්‍රදේශයේත් (Eastern Ghats) වාසය කරයි.


                                     ඇලි වඳුරා





Tufted gray langur යන ඉංග්‍රීසි නමින් සහ Semnopithecus priam   යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශ්‍රී ලංකාවට ආවේනික මෙම ක්ෂීරපායි සත්වයා ප්‍රයිමේටා ඝනයට අයත්වෙයි. සිරුර අළු- සුදු පැහැයක් ගන්නා බැවින් මෙරට වැසියන් ඇලි වඳුරා යනුවෙන් හඳුන්වයි. ශ්‍රී  ලංකාවේ  අනුරාධපුරය පොළොන්නරුව, මිහින්තලේ,දඹුල්ල, සීගිරිය,යන පළාත් හැරුණු කොට හම්බන්තොට යාල ජාතික උද්‍යානය, තිස්සමහාරාමය සහ  කතරගම වැනි උතුරු -නැගෙනහිර පළාත් බද  වියළි කලාපයට පමණක් සීමාවී රංචුවශයෙන් ජීවත් වන මොවුන් වනාන්තර එළි පෙහෙළිවීම නිසා වඳවීයාමේ තර්ජනයට (Endengerd) (EN)  ලක්වීඇත.


සම්පූර්ණයෙන්ම ශාකමත යැපෙන ඇලි වඳුරෝ සෑම ශාකයක්ම ආහාරයට ගනී. එහෙත් ශාක භක්ෂකයකු වන කළු වඳුරාට හාත් පසින්ම වෙනස් වන ඇලි වඳුරා මිනිස් වාසයටද  ප්‍රිය කරයි.  සමහර අවස්ථාවලදී  ජලාශ්‍රිත ප්‍රදේශවල වැවෙන නෙළුම් ඕළු සහ මානෙල්  වැනි ජලජ ශාකවල මල් පොහොට්ටු ආහාරයට ගන්නා අවස්ථාද ඇත.

                               ඉත්තෑවා




Indian Crested Porcupine යන ඉංග්‍රීසි නමින් සහ Hystrix indica යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශ්‍රී  ලංකාවේ වනාන්තර ප්‍රදේශ වලත් හා  බඩවැටි සහ කුඩා පඳුරු සහිත  කෘෂිකාර්මික ගම්මාන වලත්  වාසය කරන ඉත්තෑවා වඳවීයාමේ දැඩි තර්ජනයට (Critically Endangerd)(CR) ලක්වූ  නිශාචර සත්ත්ව විශේෂයකි.  කෘන්තකයින්(Rodents) වන මොවුන්  ශ්‍රී  ලංකාව හැරුණු කොට බොහෝ දකුණු  ආසියානු රටවලත් සහ ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලත් වාසය කරයි. හොඳින් වැඩුණු ඉත්තෑවෙක් දිගින් මීටර් 0.9 ක් හෙවත් අඩි 3 ක් පමණ වන අතර, කිලෝ ග්‍රෑම් 14.5 හෙවත් රාත්තල් 32 ක් පමණ වෙයි.


ශාක මුල්, අලවර්ග යනාදිය ආහාරයට ගන්නා අතර මුඛයේ තිබෙන තියුණු මුවහත් කෘන්තක දත් වලින්  පැළ පොල් හපා ඉරා දමා පැළ මදය කෑමට රුසියෝය. වගා බිම්වල රාත්‍රී කාලයේ සැරිසරමින්  බෝග වර්ග ආහාරයට ගැනීම නිසා වගාබිම් පාළු  වන බැවින් ගොවියාගේ හතුරෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධය.


දහවල් කාලයේදී පොළොවේ හාරන ලද ගුලක හෝ ගස්මුල් බෙනයක හෝ යටටවී නිදාගන්නා ඉත්තෑවෝ  රාත්‍රී කාලයේ ආහාර සොයමින් ගැවසෙන කාලසීමා  හොඳින් දන්නා දඩයක් කරුවෝ ඉත්තෑවෝ මරා මස්කෑමට පුරුදුවී සිටිති. එබැවින්  කුඩා පඳුරු වනාන්තර හීනවීමත් දඩයක්කරුවන්ට ගොදුරු වීමත් නිසා ඉත්තෑවා  වඳවීයන සත්වයකු ලෙසට නම් කරඇත.


                                    කැළෑ හාවා


ශ්‍රී ලංකාවේ ස්වාභාවික  මහා වනාන්තර වලත්, කුඩා පඳුරු සහිත  වන ගහනය බහුල ගම්මාන වලත්, බොහෝ ගෙවතු වලත්,  විවෘත තණ පිටි වලත් සහ  කුඹුරුවල වාසය කරන   කැළෑ හාවා දීවීමේ සමත්  ශාක භක්ෂක ක්ෂීරපායි සත්ත්වයෙකි. හුදකලාව මෙන්ම රංචු වශයෙන්ද විසීමට  ප්‍රිය කරයි. වන ගත ගම්මාන සහ ගෙවතු විවෘත තණ පිටි  විනාශ වීමත් හා දඩයක් කරුවන්ගේ සහ ගොවීන්ගේ උගුල් වලට හසුවී මියයාම ශ්‍රී කෑළෑ හාවාගේ ගහණය අඩුවීමට  ප්‍රධාන හේතුවක් වී ඇත. එබැවින් ශ්‍රී ලංකා හාවා වසර 2012  රතු දත්ත වාර්තාවට අනුව වඳවී යාමේ අවදානමට ලක්වූ සත්ත්වයකු ලෙස නම් කර  ඇත.



මීමින්නා (MOUSE DEER) (MOSCHIOLA MEEMINNA)





ශ්‍රී ලංකාවෙන් මී මින්නන් විශේෂ දෙකක් හමුවෙයි.  සුදු තිත් සහිත වියළි කලාපීය  මීමින්නා(Moschiola meeminna) සහ කහ ඉරි සහිත තෙත් කලාපීය මීමින්නා(Moschiola kathygre) යනු එම විශේෂ දෙකයි.කුඩා මුවෙකුගේ පෙනුමක් තිබුණත් හා කුර සහිත පාද තිබුණත්  මොවුන් සත්‍ය මුව කාණ්ඩයට අයත් නොවේ. දිගු සිහින් පාද ඇත. හුදකලාව වාසය කිරීමට ප්‍රිය කරයි  නිශාචර (Noctanal) සත්ත්වයෙකි.  මහා වනාන්තරවලත් හා කුඩා හෝ වන ලැහැබ් සහිත ගම්මාන වලත්  වාසය කරයි. වාසස්ථාන අහිමිවීම සහ   දඩයක් කරුවන්ගේ   ගොදුරට ලක්වීම මොවුන්ගේ වඳවීමට හේතුවකි. වසර 2012 රතු දත්ත වාර්තාවට අනුව මීමින්නා වඳවීයාමේ තර්ජනයට ලක්වීඇති සත්ත්වයකු ලෙස පිළිගැණේ.


කුළු මීහරකා (WILD BUFFALO)( BUBALUS ARNEE)





ශ්‍රී ලංකාවේ මහා වනාන්තර ප්‍රදේශවල වාසය කරන කුළු මීහරකා   කෘෂිකර්මාන්ත කටයුතු සඳහා යොදාගන්නා හීලෑ මීහරකාගේ ආදිතමයා වෙයි. ශාක භක්ෂක ක්ෂීරපායි සත්ත්වයකු මෙන්ම දැඩි ආක්‍රමණශීලි දරුණු සත්ත්වයකු වන  කුළු මීහරකා  ශරීර වර්ණයෙන් අළු කළු පැහැයක් ගනී.  පුළුල්ව  දෙපසට විහිදුණු අංතට්ටුවක් තිබීම  හඳුනා ගැනීමට පහසු ලක්ෂණයකි.  රංචු වශයෙන් ජීවත් වන කුළුහරකා ගේ ශරීරය අධික උෂ්ණාධික ස්වභාවයක් ගන්නා බැවින් දවල් කාලයේ  වැඩි වේලාවක්  මඩ වගුරක ලැගීම  සාමන්‍ය සිරිතකි. දඩයක් කරුවන්ගේ  වෙඩි උණ්ඩයට නිතරම ලක්වන බැවින්  වසර 2012 රතු දත්ත  වාර්තාවට අනුව කුළු හරකා වඳවීයාමේ අවදානමට (Vurnarable)(VU)  ලක්වූ v සත්ත්වයකු ලෙස නම් කර ඇත. .


10TH DEC 2017 BY සොබාදියණි.





Post a Comment

0 Comments